පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි 2016 රිය අනතුරට අද අත්අඩංගුවට

දෙසැ 18, 2019

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම රිය අනතුරේ දී පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම, රියදුරු මාරු කිරීම සහ කුමන්ත්‍රණ යන චෝදනා යටතේ පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපති විසින් කොළඹ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද පස්වරුවේ උපදෙස් දෙනු ලැබිණ. ඒ අනුව පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව, නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය රූපවාහිනියට පැවසීය. 

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාරට විදේශ ගමන් තහනමක් පසුගිය සඳුදා (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් පනවනු ලැබිණ.

    අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, ඒ මහතාගේ බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි නිවසේදී. කොළඹ අපරාධ පරීක්‍ෂණ කොට්ඨාසයට ඔහු රැගෙන ආ බව, එහි සිටින අප වාර්තාකරු පවසයි.

    අදාළ රිය අනතුරෙන් හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පදිංචි සන්දීප සම්පත් නමැති තරුණයෙකු බරපතල තුවාල ලැබීය.

    patali1 px 900 19 12 18

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 20:10

    Latest News