ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරය‍ හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ජූලි මස 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස ක්‍රියාකරන බව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 06 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබේ.

රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලීගේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබේ.

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියම කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඇප ලබා දීම පිළිබඳ නියෝගය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) දැනුම්දීමට නියමිතයි.

Latest News