ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය‍ට විවිධ පාර්ශවවල විරෝධය

ජූලි 22, 2022

    ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරය‍ හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    Sajith.jpg

     

    එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය අවට සහ ගාලුමුවදොර අසල රැදී සිටි විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරය‍ හෙළා දකින බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා. ආරක්ෂක අංශ මැදිහත් වී, ජනතාව එම ප්‍රදේශයට ඇතුල්වීම වළකා තිබෙන අතර, නීතිඥවරුන් කිහිපදෙනෙකුද එම ප්‍රදේශයට ඇතුල්වීමට කළ උත්සහය වළකා ඇති බවයි, ඔහු පවසන්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරනවා.

    Saliya-peris.jpg

     

    තවද ‍‍ගාලුමුවදොර ඇති වූ සිද්ධිය හෙළා දකිමින් 43 සේනාංකය ද විශේෂ නිවේදනයක් නිකුත් කළා.

    43-senakana.jpg

     

    ඒ අතර අමෙරිකානු තානාපතිවරිය සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ද ට්විටර් ගිණුම ඔස්සේ ඒ පිළිබඳ අදහස් දක්වා තිබුණා.

    Julie-chung.jpg

    UK-high-comm.jpg

     

     

    Latest News