ණය වාරික අයකර ගැනීම නතර කරන ලෙස ජනපතිවරණ සමයේදී නිලධාරීන්ට දැනුම් දීලා

දෙසැ 18, 2019

    ජනාධිපතිවරණ සමයේ නිවාස ණය වාරික අයකර ගැනීම නතර කරන ලෙස ඇතැම් දේශපාලඥයන් නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවට, තොරතුරු වාර්තාවේ.

    පුත්තලම දිසාපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ජාවකදී මෙම තොරතුරු ප්‍රකාශ කෙරිණ. හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උදා ගම්මාන 2,500කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කළ බව, පැවසුව ද රට පුරා වැඩ අවසන් කර ඇති ගම්මාන සංඛ්‍යාව 367ක් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී කියා සිටියේය. දේශපාලන වාසි සඳහා නිවාස වැඩපිළිවෙළ යොදා ගෙන ඇති බව නිලධාරීන් එහිදී ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා...

    “රජයට විශාල වැය බරක් මේ අමාත්‍යාංශය තුළ සිදුවෙලා තියෙනවා. රටට පෙන්නුවේ නිංක ගෙවල් දෙනවා කියලා. පොස්ටර් ගහලා, පත්තරේ දාලා පෙන්නුවේ. නමුත් මිලියන 926ක් අට දහස් ගණනක් ණය කාරයෝ කරලා තියෙනවා. නිංක දීලා තියෙන්නේ 400කටයි. මිලියන 61ක් නිකං දීලා තියෙන්නේ. මේ විධියට තව තවත් ජනතාව අමාරුවේ දාන්න බැහැ“. යැයි ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    ප්‍රදේශයට ගැලපෙන පරිදි නිවාස ව්‍යාපෘති ආරම්භ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ිත මහතා මෙහිදී සඳහන් කළේය.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 20:22

    Latest News