එළවළු මිල ඉහළට

දෙසැ 18, 2019

    එළවළු මිල මේ දිනවල සීඝ්‍රයෙන් වැඩිවී ඇති බව, කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසයි.

    වැලිමඩ සහ ඌව-පරණගම ප්‍රදේශවලට බලපා ඇති අධික වර්ෂා සහිත කාලගුණ තත්වය මීට හේතුව බව ගොවීන් කියා සිටියේය. අධික වර්ෂාවෙන් එළවළු වගාවට දැඩි හානි සිදුවීම නිසා බලාපොරොත්තු වූ අස්වනු ප්‍රමාණය ලැබී නැහැ. මේ හේතුවෙන්, ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. එළවළු මිල ඉහළ ගියද, අවශ්‍ය තරම් එළවළු සැපයීමට නොහැකිව ඇති බව ගොවීන් පවසයි.

    මේ අතර පහත වැටී තිබූ බෙල්පෙපර් සහ සුකිනි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. සංචාරක හෝටල් සහ සුපිරි වෙළෙඳ සැල් ඉලක්ක කර ගනිමින් හරිතාගාර තුළ මෙම වගාව සිදු කෙරේ. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් පසු එහි වෙළෙඳපොළ ඉල්ලුම සීඝ්‍ර ලෙස පහල බැස තිබිණ. මේ හේතුවෙන් තමන් අසරණ වූ බව ගොවීන් සඳහන් කළේය. වැලිමඩ, ඌව-පරණගම, ඇටැම්පිටිය, බොරලන්ද ආදී ප්‍ර දේශවල ගොවීන් බෙල්පෙපර් සහ සුකිනි වැඩි වශයෙන් වගා කිරීමට පෙළඹී තිබේ. පසුගිය මසයේ රුපියල් සියයකටත් වඩා අඩු මිලකට පහත වැටී තිබුණු බෙල්පෙපර් කිලෝවක් රුපියල් 400-450ක් දක්වා ද, සුකිනි කිලෝවක්, රුපියල් 375ත් 400ක් දක්වා ද වැඩිවී ඇති බව ගොවීන් පවසයි.

    Latest News