අධිකරණ භූමියේදි බිරිඳ මැරු සැමියා රිමාන්ඩ් භාරයට

දෙසැ 18, 2019

    කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී තම බිරිඳට පහර දී ඝාතනය කළ සැමියා ලබන 31 දා දක්වා රකිෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

    සැකකාර සැමියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා මෙම නියෝගය සිදු කළේය.

    සිද්ධියට අදාලව සිද්ධිය වු දිනයේ කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඇතුළු වන දොරටුවේ පුද්ගලයන් පරීක්ෂාවට යොදවා ඇති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරිමකිද සිදූව ඇත.

    අධිකරණයට ඇතුළු වන අය නිසි ලෙස පරීක්ෂාවට ලක් කර නැති බව පරීක්ෂණවලින් සනාථ වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.  ඊයේ (17) වූ මෙම පිහි ඇනුමින් මිය ගියේ මීදුම, යටගම, රඹුක්කන පදිංචි කරඳන පේඩිගේ ගයානි ප‍්‍රියංගිකා නමැති 36 හැවිරිදි කාන්තාවකි.

    Latest News