කන්තලේ දී පොලිස් නිලධාරි‍යෙක් මරුට

ජූලි 21, 2023

    කන්තලේ භාතියගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවති සැනකෙළියක් අතරතුර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

    ඒ, එහි ඉදි කර තිබූ මාරක ළි‍‍‍‍ඳේ කොටසක් කඩා වැටීමෙන්.

    එම ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියා 47 වැනි වියේ පසුවූ දෙදරු පියෙක්. මාරක ළි‍‍‍‍ඳේ ඉහළ කොටසේ මෙම නිලධාරියා රාජකාරියේ යෙදී සිටි අතර, යකඩ තහඩුවක් කඩා වැටී ඔහු පහලට ඇදවැටී තිබෙනවා. ඔහුගේ හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන්, කන්තලේ මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ඔහු මියගොස් තිබෙනවා.

    Latest News