පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

පෙබ 18, 2022

    තංගල්ල,තේනගම,විතාරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලික ආරවුලකදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට අනියුක්තව කසාගල පිවිසුමේ රාජකාරී කළ චතුරංග දිල්ෂාන් යන අයයි. ඔහු තේනගම,විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මේ වන විට ඔහුගේ සොහොයුරා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. සිද්ධිය පිළිබද වැඩිදුර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකය.

    Latest News