හක්මන ටිපර් රථයට යට වුණු තවත් පොලිස් නිලධාරියෙක් මිය යයි

අගෝ 20, 2020

    හක්මන පොලිස් වසමේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ටිපර් රථයකින් අනතුරකට ලක් කර පලා යෑමේ සිද්ධියෙන් බරපතල තුවාල ලබා මාතර රෝහලේ ප්‍රථිකාර බලමින් සිටි පොලිස් සැරයන්වරයෙකු අද (20) අලුයම මිය ගොස් තිබෙනවා.

    ඔහු වයස අවුරුදු 47ක් වූ වතුකොළකන්ද කිරින්ද ලිපිනයෙ පදිංචි හක්මන පොලිස් ස්ථානයේ සේවය කළ සැරයන්වරයෙකි.

    සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර අදාළ නඩුව අද (20) දිනයේ කැඳවීමට ද නියමිතයි.

    2020.07.13 වැනි දින රාත්‍රි 11.00ට පමණ මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරී කළ පොලිස් නිළධාරීන් මෙම අනතුරට මුහුණ දුන්නා. එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තවත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබුණා.

    Latest News