කිරලව ඇලක තිබී පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක්

මාර් 01, 2020

    ගල්කිරියාගම, කිරලව ප්‍රදේශයේ ඇලක තිබියදී පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන හමුව තිබේ.

    මියගොස් ඇත්තේ ගල්කිරියාගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් ඊ.එම් .ගාමිණී ඒකනායක (49 ) නමැති දෙදරු පියෙක්.
    මෙම පොලිස් සැරයන්වරයා කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් තම සහෝදරයා රාජකාරි නිම වී නිවසට නොපැමිණීම හේතුවෙන් 29 දින රාත්‍රියේ සිට අද දින අලුයම දක්වා සොයා බැලූ බව පවුලේ ඥාතීහු පවසති.
    පසුව ගල්කිරියාගම, මඩාටුගම මාර්ගයේ ඇල පාරක වැටී තිබියදී තම සහෝදරයාගේ මළසිරුර සහ වතුර පතුලේ යතුරුපැදිය තිබී සොයාගත් බව ද ඔවුන් ප්‍රකාශ කරයි.
    ගල්කිරියාගම පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් සැරයන්වරයා 29 දින අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ රාජකාරියකට ගොස් නැවත පොලිස් ස්ථානයට පැමිණ සිය යතුරු පැදියෙන් නිවෙස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
    වාහනේක ගැටීමෙන් අනතුරක් සිදුවුයේ ද නැතිනම් අලියෙක් පහරදීමකින් මෙම අනතුරට ලක්වූයේද, යම්කිසි පිරිසක් විසින් අපරාධයක් සිදු කළේද යන්න විශේෂ පරීක්ෂණයක් පවත්වන බව කැකිරාව සහ ගල්කිරියාගම පොලීසිය කියයි.

    polece 02

    police 05 1

    polece 04

    poliec 01

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 12:07

    Latest News