අලුත්ගම වෙළෙඳසැල් 18කට නඩු

දෙසැ 17, 2019

    අලුත්ගම,දර්ගා නගරය බේරුවල ආදී ප්‍රදේශ රැසක වෙළෙඳසැල් හා ආපනශාලා සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් කෙරිණ.

    එළැඹෙන උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට පිරිසිදු හා සුරක්ෂිත ආහාර ලබාදීම මෙහි අරමුණයි. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරයි. දෙස් - විදෙස් සංචාරකයින් බහුල වශයෙන් ආහාර ගන්නා හෝටල් සහ බේකරි 80ක් පමණ ඊයේ දින පරීක්ෂාවට ලක් කෙරිණ.

    එහිදී නීති උල්ලංඝණය කරමින් ආහාරය රසායනික භාජනවලට දමා අලෙවි කළ වෙළෙඳ සැල් මෙන්ම, ඉතා අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපන ශාලා ද, අධි ශීතකරණවල තබා ගනිමින් පිළියෙල කරන ලද ආහාර අලෙවි කරන වෙළඳ සැල් 18කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනිණ. බොහෝ වෙළඳසැල්වලට දැඩි අවවාද නිකුත් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 10:31

    Latest News