වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන් සොයා මෙහෙයුම්

සැප් 04, 2021

    වැඩි මිලට භාණ්ඩ අලෙවිකරණ හා ආහාර තොග සඟවා තබාගන්නා පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරේ.

    අද දිනයේත් ප්‍රදේශ රැසක මෙහෙයුම් සිදුකෙරිණ. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වව්නියාව නගරයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළෙදසැල් කිහිපයක් එහිදී සොයාගත් අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටියි.

    නිරෝධායන ඇඳිරි නීතිය සමයේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය මහා පරිමාණ සීනි ගබඩාවක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදුකෙරිණ. එම අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය කළ වැටලීමේ දී සීනි මෙට්‍රික් ටොන් 300කට අධික ප්‍රමාණයක් සොයා ගැනිණ.

    එම තොග ගබඩාව අධිකාරියේ ලියාපදිංචි නොකළ එකක් බවයි හෙළි වී ඇත්තේ. මෙම ගබඩාවේ සහල් කිලෝ 28,000කට අධික ප්‍රමාණයක් ද රැස්කර ඇති අතර ඊට මුද්‍රා තබා තිබේ.

    Latest News