රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනපති අවධාරනය කරයි

ඔක් 15, 2022

    වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණපා ඇති ඉඩම් ගැටලුම පිළිබඳ නැගෙනහිර පළාත් ආණ්ඩු කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

    පාරම්පරිකව ගොවීන් වගා කරන ලද, එහෙත් යුද්ධය නිසා අතහැර ගොස් තිබී යුද්ධයෙන් පසු වනජීවී හා වන සංරක්ෂිත ලෙස මායිම්ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

    ගොවි ජනතාවගේ ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි යල මහ කන්න සාර්ථක කරගනිමින් 2023 ඇතිවිය හැකි ආහාර අර්බුදයට සූදානම්වීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.

    එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හඳුන්වාදුන් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ වැඩසටහන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණ. 

    Latest News