වැඩි මිලට හෝ නුසුදුසු භාණ්ඩ අලෙවි කළ අයට නඩු

අප්‍රේ 11, 2023

    උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ හා තොග සැඟ වූ වෙළෙඳුන් 1,500 කට වැ‍ඩි පි‍රිසකට නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ, පාරිභෝගික සේවා අධිකාරිය විසින්.

    ‍වැඩි මිලට බිත්තර අලෙවි කළ ගම්පහ - ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපොළක් ඊයේ වටලනු ලැබුවා. ඒ, පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින්.

    ‍කිරුම් මිනුම් හා ප්‍රමිති ආයාතනය විසින් වවුනියාව නගරයේ වෙළෙඳසැල් ඊයේ පරික්‍ෂා කරනු ලැබුවා. ප්‍රමිතියෙන් තොර උපාංග සිය බාරයට ගත් නිලධාරීන්, අදාළ ස්ථානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත්තා.

    ‍කුලියාපිටිය නගරය ආශ්‍රිතව ද වෙළෙඳ ආයතන හා ආපනශාලා පරික්‍ෂා කෙරුණා. ඒ, කුලියාපිටිය - සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් විසින්.

    නාවලපිටිය - නගර සභා‍වේ, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ඊයේ නාවලපිටිය නගරයේ වෙළෙඳසැල් පරික්‍ෂා කළා. එහිදී, පාරිභෝගිකයින්ට අපිරිසිදු ආහාර අලෙවි කළ නාවලපිටිය වෙළෙඳුන් 16 දෙනෙකුට එ‍රෙහිව, නාවලපි‍ටිය - මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

    Latest News