හොරොයින් යාත්‍රාවේ සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝගයක්

අප්‍රේ 19, 2023

    හෙරොයින් කිලෝ 179 ක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

    ඒ අනූව, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අදාළ රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටක සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ජාවාරම මෙහෙයවනු ලබන විදේශගතව සිටින සැකකරු සහ මෙරට සිට මෙහෙයවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

     

    Latest News