අග්නිදිග ආසියානු සංගමයේ රටවල තානාපතිවරුන් ජනපති හමුවෙයි

දෙසැ 14, 2019

    ආසියාන් හෙවත්, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල තානාපතිවරු කණ්ඩායමක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

    ඒ ජනාධිපති කාර්යාලයේ දී. තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය, වියට්නාමය, මැලේසියාව වැනි රටවල තානාපතිවරු සහ කොන්සල්වරු මෙම හමුවට එක්ව සිටියේය. ශ්‍රී ලංකාව හා එම රටවල් අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහි දී සාකච්ජා කෙරිණ. ඒ වෙනුවෙන් පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවට, තානාපතිවරු ජනපති හමුවේ සහතික විය. එමෙන්ම, කලාපීය සහයෝගීතාව ඉහළ නංවමින් ඉදිරි අභියෝග ජයගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 12:28

    Latest News