බෙලිඅත්තේදී පුද්ගල ඝාතනයක්

අප්‍රේ 24, 2022

    බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ නිවසකදී නාඳුනන පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තිබේ.

    අදාළ නිවසේ පදිංචි පුද්ගලයෙකු යතුරු පැදියකින් පැමිණි අවස්ථාවේදී නාඳුනන පුද්ගලයා විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි,පොලීසිය පැවසුවේ.

    මියගොස් ඇත්තේ, 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඝාතනයට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

    සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Latest News