ඡන්ද නීතියට අලුත් මුහුණක් දෙන්න කොමිසමේ උත්සයක්

දෙසැ 14, 2019

    පවතින මැතිවරණ නීති සංශෝධනය කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

    නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන් සියලු පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරිමට මින් පෙර මැතිවරණ කොමිෂන් සභාව පසුගිය ද කටයුතු කළේය.

    මේ සම්බන්ධයෙන් ඉදිරියේ දි රාජ්‍ය ආයතන දැනුවත් කිරිමට කටයුතු කරන බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියා සිටි. නව පාර්ලිමේනතු සැසිය ආරම්භ වු පසු කථානායකවරයා සහ මහජන නියෝජිතයින් මැතිවරණ නීති සංශෝධනය කිරිමේ යෝජනා පිළිබද දැනුවත් කිරිමට පියවර ගන්නා බවද එහි ප්‍රකාශකයෙක් කියා සිටියේය.

    අධිකරණ අමාත්‍යංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යශය ඇතුළු සියලු රාජ්‍යආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමට සැලසුම් කර ඇත. මැතිවරණ අවස්ථාවන්හිදි දේශපාලන පක්ෂ විසින් සිදුකරන ප්‍රචාරක වියදම් සීමා කිරිමට හා ඊට නව නීති රෙගුලාසි පැනවීමේ යෝජනාවන් පිළිබදව වැඩි අවධානයක් යොමුව ඇති බවත් මැතිවරණ කොමිසම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 12:18

    Latest News