වැලිමඩ එළවලු වගාවට දිලීරයක්

දෙසැ 14, 2019

    දිලීර රෝගයක් හේතුවෙන් වැලිඔය ප්‍රදේශයේ එළවළු වගාවට දැඩි ලෙස හානි සිදුවී ඇති බව අප වාර්තාකරු පවසයි.

    පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව සමග මෙම දිලීරය පැතිර ගොස් තිබිණ. බටු, මෑකරල්, බණ්ඩක්කා හා වැටකොලු යන එළවළු බෝගවල මෙම උවදුර වැඩි වශයෙන් දක්නට ලැබිණ. මේ වන විටත් ප්‍රදේශයේ එළවළු බෝග අක්කර දහසක් පමණ ජල ගැලීම් හා දිලීර රෝගය නිසා විනාශයට පත්වී තිබේ. මේ නිසා එළවළු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 12:21

    Latest News