නත්තලේ ගාල්ලට දැඩි සංචාරක ආකර්ෂණයක්

දෙසැ 14, 2019

    ගාල්ල ප්‍රදේශයේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් දක්නට ලැබේ. එළඹෙන නත්තල් සහ අවුරුදු උදාව මෙයට හේතුවක් වී තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ සංචාරකයින් එක්ලක්ෂ අසූදහසක් පමණ මෙරටට පැමිණ තිබේ.

    එය 95%ක වර්ධනයක්. පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයින්ගේ පැමිණීමේ යම් අඩුවමක් දක්නට ලැබුන ද වර්තමානය වන විට නැවතත්, සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබේ. රටේ ආරක්ෂාව තහවුරු කිරීම ඊට හේතුවයි.

    ඉන්දියාව,චීනය,ජර්මනිය,ඔස්ට්‍රේලියාව,එක්සත් රාජධානිය,රුසියාව,අමෙරිකා එක්සත් ජනපදය,ප්‍රංශය,යුක්‍රේනය,මාලදිවයින ආදී රටවලින් බහුලව මෙරටට සංචාරකයින් පැමිණෙයි. ඔවුන් සර්ෆින් හෙවත් දියමත ලිස්සා යෑමේ ක්‍රීඩාවල ඉමහත් කැමැත්තක් දැක්වීම නිසා වැඩිවශයෙන් ගාලු ප්‍රදේශයට පැමිණීමට පෙළඹී තිබේ. සර්ෆින් ක්‍රීඩාවට වඩාත් උචිත ලෙස මෙම මුහුදු තීරය සැකසී තිබේ.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 12:13

    Latest News