ජන වරමට පටහැනිව වන කවරෙකු හෝ පරාජය කළ යුතුයි... අමාත්‍ය විමල්

දෙසැ 11, 2019

    ජනාධිපතිවරණයේ ජන වරමට පටහැනිව යමින් කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් එය පරාජය කිරීමට අවදියෙන් සිටිය යුතු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ මොරටුවේදී පැවති වියත් පවුර සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම අමතමිනි.

    ජාතික වියත් පවුර සංවිධානයේ සභාපති පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද අදහස් දැක්වුහ.

    Latest News