මනුෂ්‍ය වර්ගයා පාගා දැමීමට කිසිදු බලවේගයකට ඉඩක් නැහැ; අගරදගුරු (වීඩියෝ)

දෙසැ 11, 2019

    ජීවිත උඳුරා ගැනීමට හෝ මනුෂ්‍ය වර්ගයා පාගා දමන්නට කිසිදු බලවේගයකට ඉඩ නොදිය යුතු බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

    නත්තල් දිනයේ දී සෑම මනුෂ්‍ය යෙකුගේම ජිවිත ආරක්‍ෂාව වෙනුවෙන් කැපවීමට අධිෂ්ඨාන කර ගත යුතු බව උන්වහන්සේ කියා සිටී. එහිදී අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණන්...

    “මේ අවුරුද්දේ පාස්කු ඉරිදා අපේ මිනිසුන්ගේ ජීවිත සෑහෙන ප්‍රමාණයක් අපරාදේ නැතිවී ගියා. ලෝකය තුළ සාමය ඇති කිරීමට බැඳිලා ඉන්න අපි සාමය ආරක්‍ෂා කරන්නට, මනුස්ස ජිවිතය රැකගන්නට මනුෂ්‍යයාගේ ගෞරවය, උත්තරීත්වය ආරක්‍ෂා කරන්නට අපි බැඳිලා ඉන්නවා. අපරාදේ මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමිත්වයට ගොදුරු වෙච්ච කට්ටියත් අපේ මනුෂ්‍යයන්ගේ ජිවිත උදුරා ගත්තා. වැඩිහිටියෝ පමණක් නොමෙයි කුඩා දරුවන් ද බොහෝ ප්‍රමාණයක් මේ ප්‍රහාරවලින් මියගියා. ජිවිතය උදුරාගැනීමට, ජිවිතය නැති කිරීමට, මනුෂ්‍ය වර්ගයා පාගා දමන්නට කිසිම බලවේගයකට ඉඩ නොදිය යුතුයි. ළමා කාලයේ ඉදලා ස්වභාවික මරණය ජිවිතය කෙළවර වෙනතුරු හැම මනුෂ්‍යයෙකුගේ ජිවිතය ආරක්‍ෂා කරන්නට අපි කැපවෙමු. මේ තමයි නත්තලේ පණිවුඩය“ යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

    අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, මේ බව කියා සිටියේ, යුද හමුදාව වාර්ෂිකව සංවිධාන කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගයට ඊයේ එක්වෙමින්. එය, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණ. යුද හමුදාපති තුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 11:32

    Latest News