I‘am Percy Cricket Crazy' කෘතිය එළිදකී

දෙසැ 09, 2019

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතා‍ගේ චරිතාපදානය වූ 'I‘am Percy Cricket Crazy' කෘතිය එළිදකී.

    ඒ එහි මුල්පිටපත අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පිළිගන්වමිනි. කෘතිය ජනගත කිරීමේ උත්සවය බොරැල්ල චාන්ස් ස්පෝර්ට්ස් ප්‍රදර්ශනාගාරයේදී පැවැත්විණ.

    පර්සි අබේසේකර දිරිගන්වනකු ලෙස ක්‍රිකට් පිටියට එක්වී මේ වන විට වසර හැටක් ගතව තිබේ. එදා මෙදාතුර ඔහු ලැබූ රසවත් අත්දැකීම් 'I‘am Percy Cricket Crazy' කෘතියට පාදක වී ඇත. චෙන්සිල් පෙරේරා රචනා කළ එම කෘතිය දොරට වැඩීමේ උත්සවය Sportsinfo සහ Trimo Media ආයතන විසින් සංවිධානය කෙරිණ. එහි ජනගත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ පර්සි අබේසේකර දිරිගන්වන්නකු ලෙසට ක්‍රිකට් පිටියේදී කළ සේවය කිසිදා අමතක නොවන බවයි.

    මෙම උත්සවයට සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම, රංගන හේරත්, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ

    Latest News