සා.පෙළ අවසන්ව සාමකාමී නොවුනොත් දැඩි දඬුවම්.....විභාග කොමසාරිස්

දෙසැ 09, 2019

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වැනිදායින් අවසන් වීමෙන් පසු සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත් මහතා පවසයි.

    විභාග මධ්‍යස්ථානයේ දී හෝ එම පරිශ්‍රයේ දී කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභහානි සිදු කළහොත් හෝ 1968 අංක 25 දරන පනත යටතේ දැඩි දඩුවම් පමුණුවන බවත් අයදුම්කරුවන්ට දැනුම් දෙයි. ඒ අනූව විභාග ප්‍රතිඵල අවලංකු කිරීමට ද කටයුතු කළ හැකි බව ද වැඩිදුරටත් ඔහු දැනුම් දෙයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් විභාග ශාලාධිපතිවරුන් වෙත ලබා දී තිබේ.

    මේ පිළිබඳව දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර ඇති අතර සියලුම විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර සේවාවන් ද ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 13:38

    Latest News