පලාලි සිට ඉන්දියාව ගුවන් ගමනේ දී දේශීය මූල සමාගම්වලට පුමුඛතාව

සැප් 05, 2019

    පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ඔහු අවධාරණය කළේ ලංකාව තුළ ගුවන් තොටුපොළ හතරක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍ර‍වර්ධනය කෙරෙන බවයි. ඒ කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව වේ. එම ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    එතුමා මේ බව කියා සිටියේ අද (05) පලාලි ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. එම චාරිකාවෙන් පසුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පලාලි ගුවන්තොටුපොළේ ඉදිරිකිරීම් කටයුතු පිළිබද ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමක්ද පැවැත්විණ. එම නිරීක්ෂණ චාරිකාව අතරතුරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ඔක්තෝම්බර් මාසයේ 10ත් 15ත් අතර කාලයේදී පලාලි ගුවන්තොටුපොළේ මෙහෙයුම් ආරම්භ කරන බවයි.

    Arjuna

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 16:46

    Latest News