ආර්ථික හා සංස්කෘතික සහය මැදපෙරදිගන් දීමට සුදානම් බවට කොළ එළියක් (වීඩියෝ)

දෙසැ 09, 2019

     මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරු අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවි තිබේ.

    ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා මැද පෙරදිග රටවල සහයෝගය නව රජයට ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරු සදහන් කළහ.

    ජනාධිපතිතුමා වෙත සුභාශීංසන පළ කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කිරිමට කැපන බවට ද සහතික වූහ. පලස්තීනය, ඊජිප්තුව, කුවේට්, ඕමාන්, ඉරාකය, ලිබියාව හා කටාර් යන රටවල්වල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 20:15

    Latest News