සජිත්ගේ ජයග්‍රහනයට අර්ජුනට නායකත්වයක්

ඔක් 27, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජග‍්‍රහණය තහවුරු කිරිමට එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් සම නායකත්වයට ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත් කෙරේ.

    මෙවර ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මහර ආසනයේ සම්බන්ධීකරණ කටයුතුවල ප‍්‍රධාන්තවය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා විසින් පැවරිණ. ඒ ගැන අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය සහ උපදෙස් සමගින් සජිත් ප්‍රේමදාස ජයග‍්‍රහණයට දැවැන්ත මෙහෙයුමක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ දියත් කරන බවයි.

    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා........

    ”සජිත් ප්‍රේමදාස මහතාව ඉල්ලූවේ මහජනතාව, ඔබතුමාලා. දැන් එතුමාව ජයග‍්‍රහණය කිරීමේ වගකීම ඔබතුමාලට වගේම අපි හැමෝටම තියෙනවා. 2015ට පෙර කාලය හා බලන විට 2105න් පසු මේ වසර 4 - 5 කාලයේදී රටක් විදියට අපි බොහෝ දේ දිනා ගත්තා. නිදහසේ ජීවත් වීමේ අයිතිය ඒ අතරින් ප‍්‍රධාන වනවා. ගම්පෙරළිය වැඩසටහනින් මේ ආණ්ඩුව රටේ සංවර්ධනයට අති විශාල වැඩ කොටසක් කළා. දැන් පොහොට්ටුවේ අය කියනවා සජිත් ප්‍රේමදාස මහතා ගිවිසුම් ගහලලූ. මම ඉතා පැහැදිලිව කියනවා ඔය කියන ආකාරයේ කිසිම ගිවිසුමක් අත්සන් කරලා නැහැ. රටට අහිතකර ගිවිසුම් අත්සන් කළොත් අපිත් මෙතන නැහැ. ඒ නිසා ජාතිවාදය අවුලන පොහොට්ටුවේ බොරු කතාවලට අහු නොවී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග‍්‍රහණය කරවීමට ගම්පහ දිස්ත‍්‍රික්කයේ හැමෝමත් රටේ හැමෝමත් එකමුතුව කටයුතු කළ යුතු බව මම අවධාරණය කරනවා...”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    Latest News