පලාලි ගුවන් තොට ගැන අලුත් තීරණය ඇමති පාර්ලිමේන්තුවට කියයි

සැප් 06, 2019

    පලාලි ගුවන් තොටුපල හි ගුවන් ගමන් ඔක්තෝබර් සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මෙමඟින් උතුරේ ජනතාවට ඉන්දියාවට පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව උදා වෙන බවත් කාලය සහ වියදම ද අඩු කර ගත හැකි බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ගුවන් තොටුපල සිවිල් කටයුතු එක් පැත්තකත් හමුදාවේ කටයුතු වෙනත් පැත්තකත් සිදු වෙනවා. එය ජත්‍යන්තර ගුවන් සේවා වල අවශ්‍යතාවය අනුව සිදුවන්නක්. පලාලි ඉඩම් පිළිබඳව සාකච්ඡා කළා. අඩු පාඩු ගැනත් සාකච්ඡා කළා. සමහර ඉඩම්වල අයිතිය තහවුරු කරගැනීමට තරම් කරුණු නෑ. එය තහවුරු කරනවා නම් වන්දි ලබාදීමට පුළුවන්. මෙම ගුවන් තොටුපලෙන් උතුරේ ජනතාවට විශාල සේවයක් ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    Latest News