මගේ ඇත්තෙ පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක්: පුද්ගලික අපහස කලොත් එළියට දානවා - ඇමති නිමල්

දෙසැ 06, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන් පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක් යැයි ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ බදුල්ල මුතියංගනය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යලය විවෘත කිරිමේ අවස්තාවට අද (06) එක් වෙමිනි.

    ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා..........

    අපි දැන්ම පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය දියත් කරලයි තියෙන්නේ. මම මගේ අනුගාමිකයන්ගෙන් ආධාර කරුවන්ගෙන් වෙනුවෙන් මම ප්‍රතිපත්ති මාලාවක් හදලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව අනුව වැඩ කරන්න ඕන. ඒ අනුව වැඩ කරන්න බැරි නම් ගියාට කමක් නැහැ.

    පළමු වන ප්‍රතිපත්තිය තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයට අරගෙන අපේ විරුද්ධ වාදීන්ට පෞද්ගලිකව මඩගහන්න ඔවුන් විවේචනය කරන්න එපා. වේදිකාවට නැගල පුද්ගලික විවේචන කලොත් මං එයාගේ කනෙන් අල්ලලා එළියට දානවා. ඒව කරන්න කරන්න ඡන්ද කැඩෙනවා. පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක් අපි ගෙනියන්න ඕන අපි ප්‍රතිපත්ති මය වැඩ පිළිවෙලක් තුලින් ආරක්ෂා කරන්න ඕන. මනාපය කැමති කෙනෙකුට දිපුවාවේ යැයි ඔහු කියා සිටියේය.

     

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 18:49

    Latest News