කොරෝනා නිසා අධිකරණ කටයුතු “ටෙලි ප්‍රසන්ට්” තාක්‍ෂණය හරහා

අප්‍රේ 29, 2020

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ කටයුතු “ටෙලි ප්‍රසන්ට්” තාක්‍ෂණය හරහා සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ඉදිරියේ දී ලැබෙනු ඇත. මේ අතර, බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සාමාන්‍ය පරිදි තම දෛනික කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ.

    “ටෙලි ප්‍රසන්ට්” තාක්‍ෂණය යොදා ගනිමින් අධිකරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට අවධානය යොමු විණ. ඒ අනුවයි, “ටෙලි ප්‍රසන්ට්” තාක්‍ෂණය හරහා අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එහි නියමු ව්‍යාපෘතිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයත්, මාලිගාකන්ද අධිකරණයත්, වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය අතර නඩු ඇසීම සිදුවනු ඇත. මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී අද පැවැත්විණ.

    Latest News