ජනපති හා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අතර හමුවක්

දෙසැ 06, 2019
    ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩි හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවිය.
    ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමාගේ සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස් වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට  ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබා දීමට මැදිහත් වන බව සදහන් කළේය. 
     
    ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

    Latest News