බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණයට බ්‍රිතාන්‍ය සහය

දෙසැ 27, 2019

    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නිති කෙටුම්පත් සම්පාදනය සදහා ශ්‍රී ලංකාවට සහාය දීමට සුදානම් බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය පවසයි.

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය අතර හමුවක් අද (27) සිදු වුයේය.

    නව රජය විසින් නීති ක්ෂේත්‍රයේ ඉටු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ මෙන්ම බන්ධනාගාර අංශයේ ප්‍රතිසංස්කරණයන් පිළිබදව අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරිය දැනුවත් කළේය.

    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නීති කෙටුම් පත් සම්පාදනයට බ්‍රිතාන්‍ය රජයේ විශේෂඥ දැනුම ලබාදීමට සුදානම් බවත්, ප්‍රතිසංස්කරණ පිළිබදව ප්‍රසාදය පළ කරන බවත්, මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ සෑම ජන කොටසකටම නීතියේ හා යුක්තියේ සාධාරණත්වය එකසේ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය හා වැඩ පිළිවෙල බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය. ඡන්දය ලබා දුන් නොදුන් සියලු දෙනාටම එකසේ සේවය කිරීමට මෙම රජය කටයුතු කරන බවත්, නීතියේ ආධිපත්‍ය සුරකීම සදහා රජය කටයුතු කරන බවත්, එහිදී අමාත්‍යවරයා සදහන් කළේය.
    .

     

     

     

     

     

     

     

    Latest News