කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ කටයුතු “ටෙලි ප්‍රසන්ට්” තාක්‍ෂණය හරහා සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

ජාතින් අතර අවබෝධයෙන් කටයුතු කරන්නේනම් රට ඉදිරියට ගමන් කළ හැකි යැයි අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නිති කෙටුම්පත් සම්පාදනය සදහා ශ්‍රී ලංකාවට සහාය දීමට සුදානම් බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය පවසයි.

ජාත්‍යන්තරයේ සහාය ඉතා හොඳින් ලැබෙන නමුත් අපේ රජය ජාත්‍යන්තරයට කිසිසේත්ම ගැති නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහාගේ රජයෙන් සිංහල බෞද්ධ මෙන්ම මුස්ලිම් හා දෙමළ ජනතාවටත් ආරක්ෂාව හා රැකවරණය සැලසෙන අතර නැවත බෝම්බ පිපිරෙන්නේ නැතැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන් පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක් යැයි ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ බදුල්ල මුතියංගනය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යලය විවෘත කිරිමේ අවස්තාවට අද (06) එක් වෙමිනි.

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා..........

අපි දැන්ම පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය දියත් කරලයි තියෙන්නේ. මම මගේ අනුගාමිකයන්ගෙන් ආධාර කරුවන්ගෙන් වෙනුවෙන් මම ප්‍රතිපත්ති මාලාවක් හදලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව අනුව වැඩ කරන්න ඕන. ඒ අනුව වැඩ කරන්න බැරි නම් ගියාට කමක් නැහැ.

පළමු වන ප්‍රතිපත්තිය තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයට අරගෙන අපේ විරුද්ධ වාදීන්ට පෞද්ගලිකව මඩගහන්න ඔවුන් විවේචනය කරන්න එපා. වේදිකාවට නැගල පුද්ගලික විවේචන කලොත් මං එයාගේ කනෙන් අල්ලලා එළියට දානවා. ඒව කරන්න කරන්න ඡන්ද කැඩෙනවා. පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක් අපි ගෙනියන්න ඕන අපි ප්‍රතිපත්ති මය වැඩ පිළිවෙලක් තුලින් ආරක්ෂා කරන්න ඕන. මනාපය කැමති කෙනෙකුට දිපුවාවේ යැයි ඔහු කියා සිටියේය.

 

නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සිය ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද (22) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා පත් කරන ලද කමිටුව මගින් දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැළැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් පසුගිය 11 වැනිදා සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වල නියැලුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

Latest News