රාජිතගේ සුදුවැන් කතාවට නොතිසි නොලැබේ: අධිකරණය නඩුවත් අවසන් කරයි

දෙසැ 05, 2019

    සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන ගිය බවට හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ඩග්ලස් ඇන්තනී ප්‍රනාන්දු මාධ්‍ය සාකච්ඡාවකදි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමේ නොතීසි නිකුත් කිරිම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 05 ප්‍රතික්ෂේප කළේය.

    සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගිය බවට හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ඩග්ලස් ඇන්තනී ප්‍රනාන්දු යන අපරාධයක සාක්ෂි වසන් කළ පුද්ගලයකුට ආරක්ෂාව ලබා දී අපරාධමය වරදක් කළ බවත් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ.

    එ අනුව සිද්ධියට අදාළව නඩුව අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග නිකුත් කරනු ලැබිණ. අපරාධමය වරදක් සිදූවී ඇති බවට මාධ්‍ය හමුවේදී හෝ පුවත්පත් වල පළ වූ වාර්තා වලින් තීරණය කළ නොහැකි බව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කියා සිටියේය.
    එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශිත කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කළ හැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අපරාධයක් සිදුව ඇති බවට ඔප්පූ කිරීමට පැමිණිල්ල අපොහොසත්ව ඇති බැවින් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරිණ.

    නිතිඥ ජනජිත් ද සිල්වා මහතා මෝසමක් ගොනු කරමින් අධිකරණයේ ගොනු කළ පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් නඩුව කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.

    රජයේ අමාත්‍යවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රාජිත සේනාරත්න මහතා අපරාධයක සාක්ෂි වසන් කළ එම පුද්ගලයා මාධ්‍ය හමුවකට කැදවා ඔහුට ආරක්ෂාව ලබා දෙමින් රැගෙන ගොස් ඇති බවත් මාධ්‍ය හමුවෙන් පසුව හෝ ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම් දී නැති බවත් එම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිලි කරු වෙනුවෙන් නිතිඥ අචිනි කුලරත්න මහත්මිය ඇතුළු නිතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේය.

    එම සැකකරුගේ අනන්‍යතාවය සගවා මෙම මාධ්‍ය හමුවට රැගෙන විත් තිබූ බවත් අධිකරණයට දන්වා සිටි නිතිඥ මඩුල්ල රාජිත සේනාරත්න මහතා රටින් පිටවීමට ඉඩඇති බැවින් විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා සිටියේය.

    එමෙන්ම මෙම සිද්ධියට අදාළව පැවැත්වූ මාධ්‍ය හමුවේ පළ වූ කරුණු ඇතුලත් විද්‍යුත් මාධ්‍ය සීඩී තැටි සහ දිනමිණ ඩේලි නිවුස් පුවත් පත් වල වාර්තා ඇතුළත් ඡායා පිටපත් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 15:53

    Latest News