කරූ කථානායක ධූරයෙන් වහාම ඉවත්විය යුතුයි - ඇමති ජොන්ස්ටන්

දෙසැ 05, 2019

    කරූ ජයසූරිය මහතා කථානායක ධූරයෙන් වහාම ඉවත්විය යුතුයැයි වරාය ,නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාව අතරතුර කථානායක ධුරය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    " මම හිතන්නෙ වැදගත් විදියට කථානායක තුමා අයින්වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයෙක් හැටියට වහාම ලබාදිය යුතුයි. මේ රටේ ජනතාව තීන්දුවක් දීල තියෙනව. එකක් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී දුන්නා. අනික ජනාධිපතිවරණයේදී දීල තියෙනව. මේක ඉතිහාසගත ජයග්‍රහණයක්. ඒ නිසා රටේ ජනතාවගේ ඕනෑ එපාකම් ඉටුකරන තැනක් හැටියට පාර්ලිමේන්තුව පරිවර්තනය කරන්න නම් මට හිතෙන්නෙ එතුමා ඉවත්වීම වඩාත් හොදයි. කථානායක තුමා ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කෙනෙක් විදියට තමයි ඉතිහාසය පෙන්වලා දීල තියෙන්නේ , මම නම් ඒක ගැන එකගවෙන්නෙ නෑ.

    එහෙත් සැබෑ ලෙසම එතුමා එහෙම හිතනවා නම්, රජයට කථානායක වරයෙකු පත්කරගෙන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ජනතාවගේ සංවර්ධනයට බාධාවක් නොවන අයුරින් කරගෙන යන්න වහාම අවස්ථාව ලබාදිය යුතුයැයි මම විශ්වාස කරනවා යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

    Latest News