රන්ජන් C සමාර්ථයක් ගන්න O/L ලියයි

දෙසැ 05, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි තිබේ‍. ඒ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ දීය.

    රන්ජන් රාමනායක මාධ්‍ය වෙත කියා සිටියේ තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන (C) සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින එම විෂයට පෙනී සිටි බවයි.

    අනිවාර්යයෙන්ම අද පෙනී සිටි ප්‍රශ්න පත්‍රය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා ගත හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අගෝස්තු මස පැවති අපොස උසස්  පෙළ විභාගයට ද පෙනි සිටියේය. 

    Latest News