රාජිත ආණ්ඩුවේදි බොහෝම ශක්තිමත්: අගමැතිට ජම්පරය අන්දවන්න සිටියේ - ගාමිණි ලෝකුගේ

දෙසැ 30, 2019

    රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවේ සිටියදි බොහෝම ශක්තිමත්ව මහින්ද රාජපක්ෂ මහතාට ජම්පරය අන්දවන්න සුදානම් සිටි බව රාජය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

    හිටපු ජනාධිපති පත් කළ කොමිෂන් සභා වලින් මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හා 2015 සිට සිදු වූ වංචා සම්බන්ධයෙන් ති‍බෙන වාර්තා ඇති බවත් ඔහු කියා සිටියේය. පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය

    2019 වසර අවසන් වන්නට තව තිබෙන්නේ දිනයයි. අද වන විට අපි මැතිවරණයක් ජයගුහණය කරලා භාරකාර ආණ්ඩුවක් පිහිටුවලා තිබෙනවා. මේ වන විට අපි වැඩ කටයුතු කරගෙන යනවා. මේ වන විට රටේ දැවෙන ප්‍රශ්නයක් වුණ බදු වලට සහන රැසක් අපි ලබාදී තිබෙනවා. ඒ වගේම සහල්, එළවළු, පළතුරු වලට අපි අදාළ ප්රකතිකර්ම සිදු කළා. මේ වන විට ඒවායේ මිල අඩු වී ගෙන එනවා. සහල් මිල පාලනයක් වෙලා තිබෙනවා. එළවළු මිල පාලනයක් වෙලා තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ දේශපාලන පළිගැනීම් සිදු කිරීම සඳහා එෆ්සීඅයිඩී කියලා ආයතනයක් ආරම්භ කළා. අපි මේ මොහොත වන විට එය අක්‍රිය කරලා තිබෙන්නේ. නමුත් රටේ නීතියට අනුව වැරදි කරපු අය වෙනුවෙන් පොලිසියට රටේ නීතිය භාර උදවියට එය අපි ලබාදී තිබෙනවා අදාල කටයුතු සිදු කරන්නට. මහා ආන්දෝලනයකට ලක් වුණු චම්පික රණවක මහතාගේ වාහන අනතුරු සම්බන්ධයෙන් රථවාහන පොලිසිය නැවක පරීක්ෂා කරලා ඒක උසාවියට ඉදිරිපත් කරලා නීතිය හමුවට ගෙන ආවා. ඒ වගේම රාජිත සේනාරත්න මහතා මැතිවරණය කාලයේදි කණ්ඩයමක් සමඟ මාධ්‍ය ඉදිරියට ඇවිත් සුදු වෑන් කථාවක් කිව්වා. මිනිස්සුන්ව කිඹුලන්ට කන්න දැම්මා කිව්වා. ඒ මඟින් ජනාධිපති අපේක්ෂකයන්ට හානි සිදු වුණා. මහජනයා තුළ ඔවුන් ගැන වැරදි අවබෝධයක් ඇති වුණා.

    දැන් ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් සිදු කරනවා. දැන් ඔප්පු වෙලා තිබෙනවා එම මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා රටේ සිදු වූ දරුණු මංකොල්ල කෑම් රැසකට විත්තිකරුවන් වී තිබෙන බව. මිනීමැරුම් කීපයකට ඉදිරිපත් වූ උදවිය කියලා. ඒ ගැන පරීක්ෂණ තිබෙනවා. ඒක මෙහෙයවූයේ රාජිත සේනාරත්න මහතා. මේ සම්බන්ධයෙන් පොලිසිය සහ අධිකරණය අදාළ ක්‍රියා මාර්ග ගන්නවා. රාජිත සේනාරත්න මහතාවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැබැයි ඒ ගැන අරලියගහ මන්දිරයේදි සාකච්ඡා කරලා නොවෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලයි එම කටයුතු සිදු වුණේ. රාජිත සේනාරත්න මහතා අසනීප වෙලා රෝහල්ගත වෙලා ඉන්නවා. අපි දන්නේ නැහැ ඒ අසනීපය බොරුද ඇත්තද කියලා. නමුත් දැන් ඉන්නේ රෝහලේ. ඊට කලින් හැංගිලා හිටියා. නමුත් රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවේ ඉන්න විට එහෙම නොවෙයි හිටියේ. බොහෝම ශක්තිමත්ව මහින්ද රාජපක්ෂ මහතාට ජම්පරය අන්දවන්නයි බලාගෙන හිටියේ. බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ විමල් වීරවංශ මහත්වරුන් රිමාන්ඩ් කරන්නයි ඔහු බලා‍ගෙන හිටියේ. එහෙම කියපු ඔහු දැන් හැංගිලා ඉන්නවා. අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් හැටියට පොලිසිය හා නීතිමය කටයුතු සිදු කරන ආයතන ඒ සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා කරයි කියලා. යුක්තිය විසඳයි කියලා. ආණ්ඩුවක් හැටියට අපි ඇවිත් නීතිපතිවරයාව, අධිකරණ විනිශ්චයකාරවරුන් වෙනස් කරන්න කටයුතු කළේ නැහැ. රජය පත් කළ නිලධාරින් පමණයි ඉන්නේ. චෝදනා ලැබූ නිලධාරියෙක් පමණයි ඉවත් කරලා තිබෙන්නේ. බොරුචෝදනා ඉදිරිපත් කරනවා විත්ති කරුවන් නිදහස් කළා කියමින්. පසුගිය කාලයේ ජනාධිපති කොමිෂන් සභා දෙකක වාර්තා තිබෙනවා. ඒ දෙකම හිටපු ජනාධිපතිවරයා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වලින් නිකුත් කළ වාර්තා. එකක් මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්.

    අනෙක 2015 සිට මේ වන තෙක් සිදු වූ වංචා සම්බන්ධයෙන් ති‍බෙන වාර්තා. අනෙක තිබෙනවා පාස්කු ඉරිදා සිදුවීම ගැන. ඒවායේ වාර්තා එන විට තවත් අයට චෝදනා එල්ල වෙයි. අපි පත් කරන්නේ ස්වාධින ජනාධිපති කොමිෂන් සභා. මම හිතන්නේ‍ මේ ආරම්බයක් පමණයි. පසුගිය මැතිවරණයේදි ජනතාව අපෙන් ඉල්ලා සිටියේ දූෂණ වංචා සිදු කළ අය ඉන්නවා නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි. එජාපයේ ඇතැම් අය කියනවා දේශපාලන පළිගැනීම් කරනවා කියලා. කතානායකවරයාත් එහෙම කියනවා. 2019 මැතිවරණය වෙනතුරු අපේ මන්ත්‍රිවරුන් කී දෙනෙක් රිමාන්ඩ් කළාද. එදා ඔය කතානායකතුමා දැක්කේ නැහැ සම්ප්‍රදාය කඩ කරනවා කියලා. ස්වාධිනත්වයක් නැති සුදු පිරුවට ඇඳගත් එජාපයේ න්‍යය ක්‍රියාත්මක කළ කතානායකවරයෙක් තමයි කියලා. අපි එදාම කිව්වා මහජනයා සියල්ලට පිළිතුරු ලබාදෙයි කියලා. අපි වේදිකාවට ගිහින් මහජනයාට කියනවා කතානායකවරයාගේ චරිතය ගැන ජනතා මතය කියන්න කියලා. ලබන වසර මේ රටේ සෞභ්‍ය උදා වන වසරක් බවට පත් වෙනවා. අපේ අඩුපාඩු තිබෙනවා නම් ජනතාව පෙන්වා දෙන ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන්න අපි සූදානම්.

    Latest News