රාජිත තවදුරටත් නාරාහේන්පිට රෝහලේ: බන්ධනාගාර නිළධාරින් පැය 05කින් ආපසු යයි

දෙසැ 29, 2019

    නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාව තවදුරටත් එම රෝහලේ තැබිමට බන්ධනාගාර පාලන අධිකාරිය තීරණය කර තිබේ.

    බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා අද (29) එම රෝහලට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයකින් පසු මෙම තීරණයට පැමිණ ඇත. රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර කිරිමේ නිරත වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මෙම තිරණය ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    රාජිත සේනාරත්න මහතාව පරික්ෂා කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියගේ නිර්දේශය වුයේ ඔහුගේ සෞඛ්‍ය තත්වය අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කල හැකි බවයි.

    රාජිත සේනාරත්න මහතාව සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ සිද්ධියට හෙට (30) දක්වා රාක්ෂිත බන්ධනාගර ගත කෙරුණු අතර නඩුව නැවත කැඳවිම හෙට (30) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදි සිදුවේ.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 09:29

    Latest News