ගංජා කිලෝ 4ක් සමග සැකකරුට යාපනයේදී මාංචු

දෙසැ 02, 2019

    යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.210 ක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුමක් ඊයේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

    ෙයාපනය, 03 වන හරස් වීදියේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරීක්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයා ලඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන තිබේ.

    සැකකරු වයස අවුරුදු 34 ක් වන මඩකළපුව, ආරියම්පති ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, පොලීසිය වෙත භාර දී තිබේ.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 11:39

    Latest News