දස සිල් මාතාවගේ අවසන් කටයුතු අවස්ථාවේ දේශපාලන අර්බුදයකින් අවසන්වු නාඋල අලි ගැටලුව

දෙසැ 02, 2019

    වන අලි ප්‍රහාරයෙන් අපවත් වූ දස සිල් මාතාවගේ අවසන් කටයුතු අවස්ථාවට වනජීවී රාජ්‍ය අමාත්‍ය සරත් වීමලවීර මහතා පැමිණිමත් සමඟ වන අලි සිද්ධිය දේශපාලන පක්ෂ අර්බුදයක් බවට පත්වී උණුසුම් තත්වයක් ඊයේ (01) ඇතිවි තිබේ.

    පසුගියදා නාඋල බෝගස් බොරැල්ල ප්‍රදේශයේ ආරාමයට වැඩම කරමින් සිටියදී වැඩසිටි දසසිල් මාතාවක් වන අලි ප්‍රහාරයකින් අපවත්වූවාය. එසේ අපවත් වූයේ අතරගල්ලෑව ඥාන මිත්තා නැමති 60 හැවිරිදි දසසිල් මාතාවකි .

    දස සිල් මාතාවගේ දේහය පිළිබඳව අවසාන කටයුතු ඊයේ ( 01) බෝගස් බොරැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකෙරිනි. දස සිල් මාතාවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද ඊයේ පස්වරුවේ පැමිණියේය.

    පසුව රාජ අමාත්‍ය විමලවීර දිසානායක මහතා නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ පිරිසක් හා ජනතාව සමඟ වන අලි සහ වන සතුන් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියහ. එම අවස්ථාවේදී නවුල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ආර්. ඒ. ඩී. ජයතිලක මහතා අමාත්‍යවරයාට මෙම ගැටළුව පිළිබඳව උස් හඬින් කතා කරන්නට වූ අතර ඔහු කියා සිටියේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ලෙස සිටියදී අමාත්‍යංශයේ අවශ්‍ය තරම් මුදල් තිබෙන බව ප්‍රකාශ කළ බවයි. ප්‍රශ්නයට නිසි උත්තරයක් අවැසි බවය. ඒත් සමගම අවට සිටි නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශී සභා මන්ත්‍රීවරුන් ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු රාජ්‍ය ඇමති හා වාග් ප්‍රහාරයකට ගොස් උණුසුම් තත්වයක් ඇතිවිණි.

    රාජ්‍ය අමාත්‍යවරයා සහ ජයතිලක මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය, පසුව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ යන ප්‍රදේශීය නියෝජිතයන් අතර වන අලි ගැටලුව සම්බන්ධයෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වෙද්දී අමාත්‍යවරයා එම ස්ථානයෙන් වාහනයෙන් නැග පිටව ගියේය.

    ප්‍රදේශයේ පවතින වන අලි ගැටලුව සඳහා විසඳුම් සෙවීම වෙනුවට දේශපාලන පක්ෂ නියෝජිතයින් තමන්ගේ පක්ෂයට චෝදනා වලින් බේරීම සඳහා උත්සහ ගැනීම හේතුවෙන් බෝගස්බෝරැල්ල ප්‍රදේශයේ අසරණ ජනතාවට පවතින වන අලි ගැටලුව පිළිබඳව සාධාරණ විසදුමක් ලබා ගැනීමට නොහැකි වීය.

    naulaelephant px 900 19 12

    වනවන අලි ප්‍රහාරයකින් අපවත් වූ දස සිල් මාතාව මිහිමත සැඟව ගියාය. වන අලි කරදරයෙන් වසර ගණනාවක් දුක්විඳින ජනතාව නැවතත් කඳුළු පිසදමමින් වන අලි ගැටළුවට ම මුහුණ දෙන්නට නිවෙස් වලට ගියහ. අමාත්‍යවරයා වාහනේ නැග පිටව ගියේය. ප්‍රාදේශිය දේශපාලනඥයින් ඔවුන්ගේ නිවෙස් වලට පිටව ගියහ. නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පොලිසියට ගොස් තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. වන අලි ගැටලුව තවමත් එම ස්ථානයේම ඉතිරිව පවතී.

     

    Latest News