මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද යන්න ඕනේ කියයි

නොවැ 29, 2019

    ශ්‍රි ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

    මැතිවරණ කොමිසමේ නිල කාලය අවුරුදු පහක් වන අතර 2020 නොවැම්බරය දක්වා දේශප‍්‍රිය මහතාට සිය තනතුරෙහි රැඳී සිටිය හැක.

    ජනාධිපති වෙත මෙවැනි ලිපියක් ලද පසු එය ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වන අතර ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගෙන එය නැවත ජනාධිපතිවරයා වෙත දැනුම් දීම සිදුවේ.

    Latest News