ස්විට්සර්ලන්ත නිලධාරිනිය පැහැරගැනීමට CIDය සම්බන්ධ බව සම්පූර්ණ අසත්‍යයක්

නොවැ 30, 2019

    පසුගිය දිනක ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක්වු බවට ලැබුණු තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුගිය දා (27) විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ලැබුණු තොරතුරක් මත එලෙස විමර්ශන ආරම්භ කරමින් ස්විට්සර්ලන්ත තානාපතිතුමාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කරමින් විමර්ශන සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබා දෙන ලෙසට ද එතුමාගෙන් ඉල්ලීම්ක කරන ලදී. ඒ අනූව සිදුවූ බව කියන සිද්ධිය පිළිබඳව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපය්ක අද ඊයේ දින (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

    ලැබුණු තොරතුරු අනූව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන මෙම විමර්ශනය සඳහා සහාය වීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද, පොලිස් සමීප රූප අවේෂණ කැමරා කොට්ඨාසයේ නිලධාරීන් (cctv Divition) කණ්ඩායමක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට සහාය සඳහා පත්කර තිබේ.
    මෙම පැහැර ගැනීම සිදුකළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින් පවසා ඇත්තේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන බව නමුත් එය විමර්ශකයින් නොමඟ යැවීම සඳහා සැකකරුවන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් බව ද වැඩිදුරටත් දන්වා සිටින අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකර අදාළ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 30 නොවැම්බර් 2019 07:53

    Latest News