80kgක කේරළ ගංජා තලෙයිමන්නාරම් මුහුදෙන්

නොවැ 28, 2019

    තලෙයිමන්නාරම ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී කිලෝග්‍රෑම් 80ක් සහ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා බාරයට ගෙන තිබේ. ඒවා මුහුදේ පාවෙමින් තිබී ඇති අතර පාර්සල් හතරක අසුරා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.

    ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම යාත්‍රාව සහ එහි ගමන් ගත් පුද්ගලයින්දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 36 සහ 39 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකරුවන් හා කේරළ ගංජා ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාරදෙන ලදී.

    කෙසේ නමුත් සොයාගත් කේරළ ගංජා තොගය සහ නාවික හමුදා බාරයට ගත් සැකකරුවන් අතර යම් සබධතාවයක් තිබේදැයි සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකෙරේ. නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල මෙන්ම වෙරළ තීරය දකේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ‍මෙවැනි නීති විරෝධීමත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවිකහමුදාව නිරන්තර අවධානයෙන් සිටී.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 11:41

    Latest News