ඉන්දියාවේ සිට රැගෙනආ කෝටි 8ක ගංජා අල්ලයි

මාර් 13, 2022

    ඉන්දියාවේ රාමේෂ්වරම් සිට ට්‍රෝලර් යාත්‍රාවක් මගින් රැගෙන ආ කේරල ගංජා කිලෝ 560ක් අද අලුයම මීගමුව, මංකුලිය දී අත්අඩංගුවට ගැනිණ. ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 8කට අධිකයි.

    වයස අවුරුදු 25 - 50 අතර පසුවන මෙම සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    කඩවත, ගෝනහේන විශේෂ කාර්ය බලකායේ කලාප අනදෙන නිලධාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව මාස 6ක පමණ කාලයක සිට බුද්ධි නිලධාරීන් යොදවා සිදුකල විමර්ශනයට අනූව මෙම වැටලීම සිදුකර තිබේ.

    සැකකරුවන් හා නඩු භාණ්ඩ තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යාංශයට බාරදී තිබේ.

    Latest News