කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 349ක් අත්අඩංගුවට....

ජූනි 04, 2022

    කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 349ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ගංජා කිලෝ 208ක් සමග අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු කිළිනොච්චියේ පදිංචිකරුවෙක්. ගංජා කිලෝ ග්‍රෑම් 141ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති අතර, සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා වෙත අද (04) ඉදිරිපත් කෙරුණා.

    Latest News