ජාතික සංවර්ධනයට පර්යේෂණ දායකත්වය කොළඹ සරසවියෙන්

නොවැ 28, 2019

    ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය පර්යේෂණවල දායකත්වය ලබාදීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සූදානම් බව, එහි උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පවසයි.

    ශාස්ත්‍ර පීඨයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. 2019 ශාස්ත්‍රපීඨ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය ඊයේ පැවැත්වුණේ මානව හා සමාජ විද්‍යා සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ පිළිඹිඹුවක් යන තේමාවෙන්. විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ.

    ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය විශේෂඥ ආචාර්ය දීපිකා ආටිගල මහත්මිය එක්වූයේ විශේෂ ආරාධිතයෙකු ලෙසයි. ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්විය. පරිසංවාදය අතරතුර පර්යේෂණ වාර්තා 30කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරිණ. මෙය වාර්ෂිකව සංවිධාන කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා පර්යේෂකයන්ගේ නිර්මාණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහායි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 11:04

    Latest News