සුව ඇමැති රාජිත ඉතිරි කළ රු. ලක්ෂ 06 ක ඉන්ධන කූපන් රජයට

නොවැ 21, 2019

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ‌වෛද්‍ය අමාත්‍යවරයා ලෙසට දොස්තර රාජිත සේනාරත්න මහතාට රජයෙන් නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 06 ක් වටිනා ඉන්ධන කූපන් පත් යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (21) භාරදි තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකින් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිය ලේකම්වරිය වන වසන්තා පෙරේරා මහත්මියට එම ඉන්ධන කූපන්පත් බාරදෙන ලදි.

    තමන් ආරම්භ කළ ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාව අලුතින් පත්වීමට නියමිත සෞඛ්‍ය අමාත්‍යවරයාට කරගෙනයාමට සහයෝගය ලබාදෙන ලෙස ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින් ඇතුලු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය සේවාව විධිමත් කිරිම සදහා තමන්ට සහයෝගය ලබාදුන් සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩලයට හිටපු සෞඛ්‍ය අමාත්‍යවයා ස්තුතිය පල කළේය.

    Latest News