අගමැති රාජකාරී අරඹයි

නොවැ 21, 2019

    මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ සිය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

    අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දිමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර මහා සංඝරත්නය විසින් ඔහුට ආශිර්වාද කරමින් පිරිත් සඡ්ඡායනා කළේය. පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් විශේෂ ධර්මානුශාසනාවක් ද පැවැත්වූහ. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් රාජකාරී ආරම්භ කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 16:37

    Latest News