විපක්ෂ නායක පුටුව රනිල්ට ඉල්ලා අකිලගෙන් ලිපියක්..

නොවැ 21, 2019

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරූ ජයසුරිය මහතා ලිපියක් මගින් දැනුම් දී තිබේ.

    රනිල් වික්‍රමසිංහ මහතා වසර 4කට අධික කාලයක් යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් අද ඉවත් විය. එක්සත් ජාතික පක්ෂය 2015 වසරේ පැවති මහමැතිවරණයට තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 107ක් දිනා ගත්තේය. 

    මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා අජිත් පී පෙරේරා ප්‍රමුඛ 45 දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායමක් කථානායක කරූ ජයසූරිය මහතාට ලිපියක් යොමුකර තිබේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 14:09

    Latest News