නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකි වූ බව අගමැතිතුමා පවසයි

නොවැ 18, 2019

    කිසිදු ආකාරයකින් දේශාපාලන බපෑමකින් තොරව සාධාරණව ජනාධිපතිවරණය පැවැත්වීමේ වාතාවරණයක් තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

    එමෙන්ම මැතිවරණ කොමිසමට හා නිලධාරීන්ටත් සියලු ආරක්ෂ අංශවලටත් ස්තූතිය පළ කරමින් අගමැතිතුමා නිවේදනයක් නිකුත් කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය

    “මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූ නිලධාරීන්ට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමකින් තොරව නිදහස් සහ සාධාරණව කටයුතු කිරීමට හැකි පරිසරය අප නිර්මාණය කළ නිසා මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමීව හා සාධාරණ ලෙස පැවැත්වීමටත්, ඡන්දදායකයින්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළ වෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව උදාවිය.
    ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප ඇති කළ මේ ගෞරවණීය ක්‍රමවේදය තවදුරටත් ආරක්ෂාවනු දැකීම අපගේ බලාපොරොත්තුව වන අතර, එවැනි පරිසරයක නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලූ ඡන්දදායකයින්ට එක්සත් ජාතික පක්ෂාය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සහ මාගේ ස්තූතිය පළ කර සිටිමි.
    ජනාධිපතිවරණය ප්‍රශයට පත් කළ දිනයේ සිට එය අවසන් වනතුරු කැපවීමෙන් ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස් ඇතුළු එම කාර්ය මණ්ඩලය ප්‍රමුඛ රාජ්‍ය සේවකයින්ටත්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් සියලූ පාර්ශ්වයන්ටත්, සාමය ආරක්ෂා කිරීමට සහය වූ සියලූම ජනතාවටත්, මාගේ කෘතඥතාව පළ කිරීම ද මෙය අවස්ථාවක් කර ගනිමි."

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 15:30

    Latest News